මහ මැතිවරණයට නව ක්‍රමයක්

Thursday, 19 February 2015 - 7:55

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමට පෙර රජය විසින් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසනවා. එහි  කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ නව මැතිවරණ ක්‍රමය හඳුන්වාදීම සඳහා ලබාදිය හැකි සියලූ සහය තම පාර්ශවය විසින් ලබාදෙන බවයි.