"සටන් වදින්නේ අන්තවාදීන්ට එරෙහිවයි" - ඔබාමා

Thursday, 19 February 2015 - 8:45

%22%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%22+-+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F
තමන් සටන් වදින්නේ ඉස්ලාම් ආගම විකෘති කරන අන්තවාදීන් සමග බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. ඉස්ලාම් ආගම සමග යුද වැදීමට කිසිසේත් වුවමනාවක් නොමැති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ. ජාත්‍යන්තර අන්තවාදී ත්‍රස්තවාදයට මුහුණදීම සම්බන්ධයෙන් නිව්යෝක් නුවර පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඉස්ලාම් ආගම විකෘති කරමින් පෙනී සිටින පුද්ගලයින් ආගමික නායකයින් නොව ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හැඳින්විය යුතු බවයි ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.