කුමාර්ව කඩිනමින් පිටුවහල් කරනවා

Thursday, 19 February 2015 - 9:23

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කඩිනමින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබාදුන් තීන්දුවෙන් පසු ගුවන් ටිකට්පත රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස කුමාර් ගුණරත්නම්ට දැනුම්දී ඇති බවයි පාලකවරයා කියා සිටියේ.

තමා අත්අඩංගුවට ගැනීම හෝ  රටින් පිටුවහල් කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් කුමාර් ගුණරත්නම් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළා.

කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට නොපැමිණියහොත් පොලීසිය සමඟ එක්ව කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ සඳහන් කළේ.

අප මේ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන්ද කරුණු විමසා සිටියා. ඊට ප්‍රතිචාර දැක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව කියා සිටියේ කුමාර් ගුණරත්නම්ගේ වීසා කාලය දීර්ඝ කරගැනීම සහ පුරවැසිභාවය ඉල්ලා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යැවූ ලිපිවලට ප්‍රතිචාර නොදක්වා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම අනුමත කළ නොහැකි බවයි.