නිදහස් පක්ෂයේ ජයග්‍රහණය තියෙන්නේ පුද්ගල සමූහයක් මතයි

Thursday, 19 February 2015 - 13:19

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය රඳා පවතින්නේ තනි පුද්ගලයෙකු මත නොව පුද්ගල සමූහයක් මත බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ  භාණ්ඩාගාරික ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ  එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නින්දෙන් අවදිවූ පසු යෝධයෙකු බව එහි නව ජාතික සංවිධායක ධුරයේ වැඩ ආරම්භ කරමින් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා. පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයට තනතුරු ලැබී ඇත්තේ අභියෝගාත්මක අවස්ථාවක බවයි ඔහු කියා සිටියේ.

මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් පිළිතුරු ලබාදුන්නා. ‘‘දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළ ගැසෙමු’’ යන තේමාව යටතේ නුගේගොඩ නගරයේ ඊයේ පැවති රැස්වීම පිළිබඳ නැගූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ  තම පක්ෂයට මෙම රැස්වීමට ආරාධනාවක් නොතිබුණු බවයි.

මීළඟ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් කියා සිටියේ ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් නොමැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මෙම උත්සවයට පක්ෂයේ් මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න සහ මහින්දානන්ද අලූත්ගමගේ, මහින්ද අමරවීර, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. එමෙන්ම ඊයේ නුගේගොඩ පැවති රැළියට සහභාගි වූ සී.බී. රත්නායක මන්ත්‍රීවරයා මෙන්ම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පළාත් සභා අමාත්‍යවරුන් වන නිමල් ලන්සා සහ උපාලි කොඩිකාරද එක්ව සිටි බව සඳහන්.