Update: කේ.පී.ගේ රට ගමන් තහනම තවදුරටත් දීර්ඝ කරයි

Thursday, 19 February 2015 - 14:33

Update%3A+%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැලකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ, කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ පවරා තිබූ නඩුව අභියාචනාධිකරණයේදී අද (19) යළිත් විභාගයට ගත් අවස්ථාවේදියි. කේ.පී. සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුවට මීට පෙර දැනුම්දී තිබූ අතර එම වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙම නඩුව මේ මස 26 වැනිදා යළිත් විභාගයට ගැනීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල සඳහන් කළා.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු බවට චෝදනා ලැබ දැනට රැඳවුම් නියෝග මත සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළා. වෙලේ සුදා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් අධිකරණ පරිශ්‍රයට යොදා තිබූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. මුදල් විශුද්ධිකරන පනත යටතේ නීතිවිරෝධී වත්කම් රැස් කිරීම ඇතුළු චෝදනා 57ටම තමන් නිවැරදිකරු බව වෙලේ සුදා අද අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නඩුව මාර්තු මස 23 වැනිදා සිට විභාග කිරීමට නියෝග කළ මහාධිකරන විනිසුරු දේවිකා තෙන්නකෝන් එදින දක්වා වෙලේ සුදා රැඳවුම් නියෝග මත තබාගනිමින් ප්‍රශ්න කිරීමට ද අවසර ලබාදුන්නා. වෙලේ සුදා අධිකරණයට ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර අවස්ථාවේදී ආරක්ෂක හේතූන් මත ඔහු අධිකරණයට ඉදිරිපත් නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණා.  

Update: Thursday, 19 February 2015 - 08:25 PM
..............................................................

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ, කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ පවරා තිබූ නඩුව අභියාචනාධිකරණයේදී අද (19) යළිත් විභාගයට ගත් අවස්ථාවේදියි. කේ.පී. සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුවට මීට  පෙර දැනුම්දී තිබූ අතර එම වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙම නඩුව මේ මස 26 වැනිදා යළිත් විභාගයට ගැනීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල සඳහන් කළා.