දේශීය පරීක්ෂණයකට රටවල් 05 ක එකඟතාවය

Thursday, 19 February 2015 - 19:22

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+05+%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA
අවසන් යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ සෙවීම සම්බන්ධයෙන් පවත්වන දේශීය පරීක්ෂණයකට ඇමරිකාව ඇතුළු රටවල් 05 ක් එකඟතාවය පළ කර තිබෙනවා. මෙම කරුණු අනාවරණය වුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි. මෙහිදී විදේශ අමාත්‍ය මංගල සමරවීර පසුගියදා ඇමරිකාවේ සිදුකළ සංචාරය පිළිබඳවද මාධ්‍ය හමුවට එක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කරුණු පැහැදිලි කළා. එහිදී ඔහු සඳහන් කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බවයි.

මෙවර අතුරු අයවැයෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝජනා කළ රුපියල් 2500 ක වැටුප් වැඩිවීමට අනුව සේවා යෝජකයින් පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම වැටුප රුපියල් හත්දහස් පන්සියයේ සිට රුපියල් දසදහස දක්වා ඉහළ නැංවීමට එකඟතාවය පළ කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික කම්කරු සභාවේදීයි.

මීට අමතරව, අයවැයෙන් මිල ගණන් අඩු වූ භාණ්ඩ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, අතුරු අයවැය මගින් භාණ්ඩවල මිල ගණන් අඩු කිරීමෙන් ලැබිය යුතු ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත නොලැබීම සැලකිල්ලට ගනිමින්.