මන්ත්‍රී අජිත්ගේ කාර්යාලයට ආයුධ සන්නද්ධ පිරිසක් කඩා වදියි

Thursday, 19 February 2015 - 21:12

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92
පන්නිපිටියේ පිහිටි තම කාර්යාලයට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (19) බලහත්කාරයෙන් ඇතුලූ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. ඔහු කියා සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සොයා ඔවුන් තම කාර්යාලය පරීක්ෂාවට ලක් කළ බවයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයා වෙත ලිපියක් ද ගොනුකළ බවයි. එහි පිටපත් අග්‍රාමාත්‍යවරයාට, කථානායකවරයාට සහ විපක්ෂ නායකවරයා වෙත ද යොමුකර තිබෙනවා.

තමා අත්අඩංගුවට ගැනීම හෝ  රටින් පිටුවහල් කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් කුමාර් ගුණරත්නම් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා නිෂ්ප්‍රභ කළා.  ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කඩිනමින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ ඊයේ කියා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ගුවන් ටිකට්පත රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස කුමාර් ගුණරත්නම්ට දැනුම් දී ඇති බවයි ආගමන විගමන පාලකවරයා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්ද විමසීමක් කළා. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ආගමන විගමන අංශ වලින් මෙහෙයුමක් සිදුකළ හැකිව තිබුණ ද පොලිසියෙන් එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක නොකළ බවයි.