ඔරුවක් පෙරලීමෙන් එක් අයෙකු මරුට

Friday, 20 February 2015 - 10:21

%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැල්ලවාය - බුදුරුවගල වැවේ, ඔරුපැදීමට ගිය සහෝදරයින් දෙදෙනෙකු ඔරුව පෙරලීමෙන් අනතුරට ලක්වුණා. ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු අතුරුදන්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොස්ලන්ද - ඌවමාවෙලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණයෙක්. 20 හැවිරිදි අතුරුදන්වූ ඔහුගේ සහෝදරයාගේ සිරුර මෙතෙක් හමුවී නැහැ.