කේරළ ගංජා කිලෝ 101 ක් මාට්ටු

Friday, 20 February 2015 - 10:22

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+101+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක්, ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු යාපනය - ඉලවාලි - තොටිල්ලඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ත්‍රිරෝද රථ දෙකකින් සහ ලොරි රථයකින් මොවුන් මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටි බවයි. සැකකරුවන් ගලහ,යාපනය සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.