සරණ ජීනිවා මානව හිමිකම් කොමිසමට

Friday, 20 February 2015 - 13:03

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ජිනීවා මානව හිිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් සරණ ගුණවර්ධන ප්‍රකාශ කළේ එක්තරා පුද්ගලයෙකුගෙන් තමන්ට සහ තම පවුලේ අයට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

මේ පිළිබඳව තමන් ගම්පහ පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනට විදේශ ගමන් තහනම් කරමින් පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කළා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ඉල්ලීම මත මෙලෙස මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවනු ලැබුවේ 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව ලෙස ඔහු කටයුතු කළ අවධියේ එල්ල වී ඇති දූෂණ චෝදනා 50 ක් සම්බන්ධයෙන්.