විදේශ ඇමති මාර්තු 2 වන දා ජිනිවා යයි

Friday, 20 February 2015 - 16:29

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+2+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මාර්තු 2 වන දා දිවයිනෙන් පිටත්ව යනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සදහන් කළේ ඔහු මෙහිදී  ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත බවයි. රටවල් 65ක විදේශ අමාත්‍යවරුන් ජිනිවා නුවර පැවැත්වෙන මෙම සැසි වාරයට සහභාගිවීමට නියමිතයි.