ශ්‍රී ලංකා තානාපතිවරයෙක් අවි ආයුධ බෙදා හැරලා

Friday, 20 February 2015 - 19:42

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයෙකු ඔහු සේවය කරන විදේශ රටේ විවිධ කණ්ඩායම්වලට අවි ආයුධ සැපයීමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. අද දිනයේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.