දේශහිතෛෂීන්ගේ නඩුව අලූත් ක්‍රමයකට

Friday, 20 February 2015 - 19:54

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
පසුගිය දා පැවැති උතුරු පළාත් සභා ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ජාතිවාදය ඇවිස්සෙන බවට සදහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාග කිරීම ජුලි මස 6 වන දා දක්වා කල් දමා තිබෙනවා. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 7ක් ගොනු කර තිබුණේ 2013 වසරේදියි. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර කියා සිටියේ නව ක්‍රමවේදයකට අනුව ජුලි මස 6 වන දා මෙම පෙත්සම් විභාග කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම් දුන් බවයි.

මෙම පෙත්සම් මීට පෙර කැදවූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියා සිටියේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රට බෙදීමේ අදහසක් නොමැති අතර ඒ පිළිබදව දිවුරුම් ප්‍රකාශ මගින් තහවුරු කළ හැකි බවයි.