ජනතාවට සහන දීම ප්‍රජාතන්ත්‍රිකව සිදුවිය යුතුයි - ජනපති

Saturday, 21 February 2015 - 8:20

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
දින 100යේ වැඩසටහන එක් පෙරමුණක ප්‍රතිපත්තියක් නොවන රජයේ ප්‍රතිපත්තියක් බව මේ වන විට තහවුරු වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, එම වැඩසටහනට අවශ්‍ය උපදෙස් සහ එහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) එක්වෙමින්. මේ වන විට දින 100යේ වැඩපිළිවෙල යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. මෙම වැඩසටහනේ ප්‍රමුඛ කාර්යය ජනතාවගේ ආදායම් වැඩි කර ඔවුන්ට සහන සැලසීමයි. එය ප්‍රජාතාන්ත්‍රක රාමුවක් තුළ කළ යුතු වනවා. ඊට සියලූ දෙනාගේ සහාය අවශ්‍ය බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.

මේ අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍යමය ආධාර සැපයීමට ඉදිරියේ දී ද ලෝක බැංකුව සූදානම් බව එහි දකුණු ආසියානු කලාපය සඳහා වූ උප සභාපතිනී ඇනට් ඩික්සන් ප්‍රකාශ කළා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඊයේ පැවැති සාකච්ඡාවකදියි. ඉදිරියේදී ලැබෙන ආධාර පාරදෘශ්‍ය භාවයෙන් යුතුව භාවිත කරන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.