දුම්වැටි දවටනවල 80%ක රූපමය අවවාද යොදන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය

Saturday, 21 February 2015 - 8:52

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%80%E0%B6%A7%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+80%25%E0%B6%9A+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) දිනයේ  පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. එමගින් දුම්වැටි දවටනවල රූපමය අවවාද 80% දක්වා වැඩි කළ යුතු බවට යෝජනා කර තිබූ අතර එය ඒකමතිකව සම්මත වී තිබෙනවා. මීට පෙර ද මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට එවකට සෞඛ්‍ය අමාත්‍ය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සාහ කළ අතර එහිදී දුම්කොළ සමාගම අධිකරණය හමුවට ගියා. පසුව අධිකරණය තීරණය කළේ දුම්වැටි දවටනවල රූපමය අවවාද 60%ක් විය යුතු බවටයි.

මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම්ට රට තුළ සිටීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි වුවත් අධිකරණ නියෝගය කඩ කළ නොහැකි බව මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.