බිබිලේ සොඳුරු දරු උපත් 23ක්

Saturday, 21 February 2015 - 9:42

%E0%B6%B6%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+23%E0%B6%9A%E0%B7%8A
බිබිල - මූලික රෝහලට ඇතුළත් කෙරුණු ගර්භනී මව්වරුන් 27 දෙනෙකුගෙන් 23 දෙනෙකුම දරුවන් බිහි කිරීමේ පුවතක් ඊයේ (20) වාර්තා වුණා. රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ දරුවන් සහ සියලූම මව්වරුන් නිරෝගීව සිටින බවයි. බිබිල මූලික රෝහලට පෙරේදා දිනයේදී ගර්භනී මව්වරුන් 27 දෙනෙකු දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගෙන් 23 දෙනෙකු ඊයේ පස්වරුව වන විට නිරෝගී දරුවන් බිහි කර තිබුණා. ගැහැණු දරුවන් 12 දෙනෙකු සහ පිරිමි දරුවන් 11 දෙනෙකු ඒ අතර සිටිනවා.