ලිබියාවේ අයි.එස්. ප්‍රහාර උත්සන්න වෙයි

Saturday, 21 February 2015 - 13:50

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් ලිබියාවේ සිය මෙහෙයුම් උත්සන්න කර තිබෙනවා. ඊයේ ඔවුන් නැගෙනහිර ලිබියාවේ අල් - කුබා ප්‍රදේශයේ දී බෝම්බ ප්‍රහාර 3ක් එල්ල කළ අතර එහිදී පුද්ගලයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ඉන්ධන පිරවුම්හලක් පොලිස් ස්ථානයක් සහ ලිබියානු පාර්ලිමේන්තුවේ කථානායක නිවහන ද මෙම බෝම්බ ප්‍රහාරයට ගොදුරු වී තිබෙනවා. ඊජිප්තු ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම බෝම්බ ප්‍රහාර එල්ල කළ බවයි අයි.එස්. කැරළිකරුවන් ප්‍රකාශ කළේ.