තහනම් දැල් භාවිතයට එරෙහිව කල්පිටියේ සුළුපන්න ධීවරයන් විරෝධතාවක

Saturday, 21 February 2015 - 12:59

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
කල්පිටිය ගම්මාන කිහිපයකට අයත් සුළුපන්න ධීවරයින් පිරිසක් අද (21) මුහුදු යාමෙන් වැළකී විරෝධතාවක නිරතවුණා. ඒ, එම ප්‍රදේශයේම ධීවරයින් පිරිසක් තහනම් දැල් ආම්පන්න භාවිතා කරමින් මසුන් මැරීමට විරෝධය පළ කරමින්. ඔවුන් කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවයේ නිරතවූ අතර ඒ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

ධීවරයින් සිය යාත්‍රාවල කළු කොඩි ඔසවා මෙලෙස විරෝධතාවයේ නිරත වූ බව සදහන්. ඊයේ දිනයේදී සුළුපන්න ධීවරයින් පිරිසකට යාත්‍රා 21කින් පැමිණි පිරිසක් පහර දීමට තැත් කිරීම ද මෙම විරෝධතාව පැවැත්වීමට තවත් එක් හේතුවක්.

මේ අතර, තහනම් පන්න ක්‍රම උපයෝගී කර ගනිමින් මසුන් මැරීමේ නිරත වන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ධීවර අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ උපදෙස් සෑම දිස්ත්‍රික්කයකම ධීවර සහකාර අධ්‍යක්ෂවරුන් මගින් ධීවර පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇති බව සදහන්. ඒ අනුව තංගුස් දැල්, කරමල් දැල්, ත්‍රිත්ව දැල්, ඇවිලූම් ඊතල සහ ඩයිනමයිට් යොදා ගනිමින් මසුන් මරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගැනෙනු ඇති.