සෝමාලියාවේ හෝටලයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් 25 ක් මිය යයි

Saturday, 21 February 2015 - 16:27

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සෝමාලියාවේ මොගඩිෂූ අගනුවර හෝටලයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවද 40 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. ඊයේ අල්ෂබාබ් කැරළිකරුවන් බෝම්බ ඇටවූ මෝටර් රථයක් මෙම හෝටලය තුළට පදවාගෙන ගොස් ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් අනතුරුව මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුද යොදාගනිමින් තවත් ප්‍රහාරයක් එල්ල කළා. ප්‍රහාරයෙන් පසු පළවූ මුල් මාධ්‍ය වාර්තවල දැක්වුණේ මියගිය ගණන 10 ක් ලෙසයි. කෙසේ වෙතත් මේ වනවිට 25 දෙනෙකු ප්‍රහාරයෙන් මියගොස් ඇති බව සෝමාලියානු ආරක්ෂක අංශ අනාවරණය කර තිබෙනවා. මෙම හෝටලය පිහිටා ඇත්තේ සෝමාලියානු ජනපති මැදුර ආසන්නයේ වීමද විශේෂත්වයක්.