"මහින්දට එන්න වෙන්නේ කරත්ත රෝදෙන් තමයි" - අගමැති රනිල් කියයි

Saturday, 21 February 2015 - 19:24

%22%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%22+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට දේශපාලන සංස්කෘතිය අද වනවිට කණපිට පෙරළා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහ සාමාජිකයන්ගේ හමුවකට අද (21) වෙන්නප්පුවේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනතාවට සහන ලබාදීම සඳහා දින සියයක් ප්‍රමාණවත් බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. පසුගිය පාලන සමයේ ජනතාවට සහන ලබානොදුන් බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නා.