ජන ප්‍රසාදය රඳාපවතින්නේ දින සියයේ ප්‍රගතිය මතයි - ජනපති

Saturday, 21 February 2015 - 19:34

%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B3%E0%B7%8F%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
දින 100 වැඩසටහන ක්‍රියාත්මක කර පෙන්නුම් කරන ප්‍රතිඵල තුළ, රජයේ ඉදිරි පැවැත්ම සහ ජනතා ප්‍රසාදය රඳා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දින 100 වැඩසටහන පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදීමට සහ එහි ප්‍රගතිය පිළිබඳ විමසා බැලීමට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පැවති සාකච්ඡාවකට එක්වෙමින්. මේ වන විට දින 100යේ වැඩපිළිවෙල යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.