පවුල් ගස්, පවුල් වනාන්තර මගේ ප්‍රතිපත්තිය නොවේ - ජනපති

Sunday, 22 February 2015 - 8:11

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
පසුගිය රජය අනුගමනය කළ පවුල් ගස් හෝ පවුල් වනාන්තර තම ප්‍රතිපත්තිය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පහළ යාගොඩ ශ්‍රී සුගතනන්දාරාම විහාරස්ථානයේ ඊයේ (21) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මුළු රටම තම ගම ලෙසත්, සමස්ත ජනතාවම තම ඥාතීන් ලෙසත් සලකා රටේම සංවර්ධනය වෙනුවෙන් කැපවන බවයි.