Update : කහවත්ත OIC මරුට

Sunday, 22 February 2015 - 10:42

Update+%3A+%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+OIC+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රත්නපුර - කහවත්ත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රියේ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රාජකාරි කටයුතුවල නිරතවී සිටින අතරතුර අසනීප තත්ත්වයක් ඇති බව පවසමින් ස්ථානාධිපතිවරයා නිල නිවාසය වෙත ගොස් ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කහවත්ත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ දේහය කහවත්ත රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. මියයනවිට මොහුගේ වයස අවුරුදු 48 ක්.

මියගිය පොලිස් පරීක්ෂකවරයා වසර 30 කට ආසන්න කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ නිලධාරියෙක්. ඔහුගේ පදිංචිය ඇඹිලිපිටිය වන අතර දරුවන් තුන්දෙනෙකුගේ පියෙකු වනවා.

Update : Sunday, 22 February 2015 - 13:08
------------------------------------
කහවත්ත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති හෘදයාබාධයකින් මියයයි

රත්නපුර - කහවත්ත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රියේ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රාජකාරි කටයුතුවල නිරතවී සිටින අතරතුර අසනීප තත්ත්වයක් ඇති බව පවසමින් ස්ථානාධිපතිවරයා නිල නිවාසය වෙත ගොස් ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කහවත්ත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ දේහය කහවත්ත රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.