ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා කල් දමන ලෙස ලක් රජයෙන් ඉල්ලීමක්

Sunday, 22 February 2015 - 12:35

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා කල්දමන ලෙස ලක් රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම සාකච්ඡා ලබන මාර්තු 5 වනදා චෙන්නායි නුවරදී පැවැත්වීමටයි සැළසුම් කර තිබුණේ. ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම කළක සිට පවතින ගැටළුවක්. ඒ සඳහා ඉන්දියාව ඉදිරිපත් කළ විකල්ප යෝජනා පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

මෙරට මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මරන ඉන්දීය ධීවරයන් වැළැක්වීමට පියවර නොගන්නේදැයි අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි කියා සිටියේ ඒ සඳහා නාවික හමුදාව අඛණ්ඩව කටයුතු කරන බවයි.