විමල්ගේ බිරිඳ රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් - ජා.නි.පෙ.

Sunday, 22 February 2015 - 12:46

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.
විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ, රහස් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව, ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මේ වනවිට රෝහල් ගතව සිටින බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ, ඇයට එරෙහි චෝදනා මගහරිමින් සිටින්නේද යන්නයි. ඊට පිළිතුරු ලබාදුන්  ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ පසුගිය 18 වැනිදා ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයට රහස් පොලීසිය පැමිණ ශෂී වීරවංශ එහි සිටින්නේදැයි විමසා සිටි බවයි. පසුව විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ නිවසටද රහස් පොලිස් නිලධාරීන් ගොස් තිබෙනවා.

මේ අතර, විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ සම්බන්ධයෙන් රහස් පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අංශ කිහිපයක් ඔස්සේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. නීතිවිරෝධී ලෙස විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කළ බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳට එරෙහිව පසුගියදා චෝදනා එල්ල වුණා. පසුව මේ පිළිබඳ විමර්ෂණ ආරම්භ කළ පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත වාර්තාවක්ද යොමුකර තිබුණා.