පෞද්ගලික බස් රථ 5000ක අතිරික්තයක්

Sunday, 22 February 2015 - 19:12

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+5000%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ 5000ක පමණ අතිරික්තයක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ශ්‍රී ලංගමය නව බස් රථ බෙදා දීම තුළින් පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ නව බස් රථ බෙදාදීම සිදුකළේ පාසල් ප්‍රවාහනය සහ ග්‍රාමීය වශයෙන් දුෂ්කරතා ඇති ප්‍රදේශවලට බවයි. බස්රථවල අතිරික්තයක් පවතින බව තමන් ද පිළිගන්නා බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. කෙසේ වෙතත්, දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ මගී ප්‍රවාහන බස් කර්මාන්තය ඉහළට ගෙන යාම තම අරමුණ වී ඇති බව ද අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.