ඊමේල් හරහා අලූත්ම ජාවාරමක්

Sunday, 22 February 2015 - 19:17

%E0%B6%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විද්‍යුත් තැපෑල හරහා මුදල් ගණුදෙණු කිරීමේදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විද්‍යුත් තැපෑල හරහා භාණ්ඩ ආනයනය සහ අපනයනය කිරීමේදී ව්‍යාජ ලෙස මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි. ඒ පිළිබඳව තම සංසදය වෙතට වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.