"ජාතිවාදයට මගෙන් පිළිතුර‍ැ"- අගමැති රනිල්

Monday, 23 February 2015 - 8:08

%22%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E2%80%8D%E0%B7%90%22-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
ඇතැම් මුද්‍රිත මාධ්‍ය ජාතිවාදය ඇවිස්සීමේ උත්සාහයක යෙදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊට පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. කුරුණෑගල - බෝයගනේ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ඇතැම් සිංහල මුද්‍රිත මාධ්‍ය කිහිපයක්  ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවයි. එම ආයතනවල සිටින ඇතැම් මාධ්‍යවේදීන් එක්නැලිගොඩ අතුරුදන්වූ අවස්ථාවේදී සතුටු වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අවුරුදු 10 ක් පුරා තම චරිතය විනාශ කිරීමටද  ඔවුන් කටයුතු කර ඇති බවද පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් ඔවුන් වරප්‍රසාදද ලබාගෙන ඇති බවයි. ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවලිය නතර නොකළහොත් මුද්‍රිත මාධ්‍යවල අයිතිකරුවන් කැඳවා උපදෙස් ලබාදීමටද සිදුවනු ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පැවති ජන හමුවට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.