ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම අනිවාර්යයි

Monday, 23 February 2015 - 12:34

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව තමා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ප්‍රධාන අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ ඊට රජයේ ඇමතිවරයෙක්ද මැදිහත්වී කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.  ප්‍රධාන අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට දෙකඩ වී ඇති බවයි.