ත්‍රිශූලයක් රැගෙන හිටපු ජනපති කතරගමට

Monday, 23 February 2015 - 12:58

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%96%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද කතරගම මහ දේවාලයට පැමිණියා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 8යි 12ට පමණ කතරගම මහ දේවාලයට පැමිණි හිටපු ජනාධිපතිවරයා එහිදී අඟල් හයක් පමණ උසින් යුක්ත රන් පැහැති ත්‍රිශූලයක රිදී පඩුරක් ගැට ගසා භාරයක් වී ඇති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතරගම පුද බිමට පැමිණ ඇත්තේ ඊයේ දිනයේයි. හිටපු ජනාධිපතිවරයා අසූහාරදහසේ පහන් පිංකමකට සහ කිරි වෙහෙරේ සර්වරාත්‍රික පරිත්‍රණ ධර්ම දේශනාවකටද සහභාගිවී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මෙන්ම නාමල් සහ යෝෂිත රාජපක්ෂද කතරගම බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ උදය ගම්මන්පිලද එක්ව සිටියා.




 








ඡායාරූප - කේ.ඩි.දේවප්‍රිය