නව යුද හමුදාපති වැඩ අරඹයි

Monday, 23 February 2015 - 17:03

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලූතිනන් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.ජේ. ක්‍රිශාන්ත ද සිල්වා අද (23) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කළා. මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිය තනතුරේ වැඩ භාර ගත් නව යුද හමුදාපතිවරයාට යුද හමුදා ආචාර්ය පෙළපාලියකින් ද සමාචාර පළ කෙරුණා. වසර 33ක යුද හමුදා සේවයක් සහිත නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා 2013 - 2014 කාලය තුළ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ ද කටයුතු කළා. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.