Update: ශෂී වීරවංශ පෙබරවාරි 25 දක්වා රිමාන්ඩ්

Monday, 23 February 2015 - 15:54

Update%3A+%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+25+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශෂී වීරවංශ පෙබරවාරි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කඩුවෙල මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ශෂී වීරවංශ රැදී සිටින මාළඹේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල වෙත ඊයේ (23) පස්වරුවේ පැමිණීමෙන් අනතුරුවයි. බන්ධනාගාර රැකවල් සහිතව ඇය තවදුරටත් එම පෞද්ගලික රෝහලේ සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය කළ විමර්ශන පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සැකකාරිය උපන් දින දෙකක් භාවිත කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පැවැති ලිපි ගොනු අතුරුදන්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

අදාළ ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කළේ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ අත්සනින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව බව හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා, ප්‍රකාශ කළ බවයි රහස් පොලීසිය අධිකරණයට කියා සිටියේ.

පෙරේදා අත්අඩංගුවට ගත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ මාළඹේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතරතුර පොලීසිය මගහැර පළා යාමට සූදානම්ව ඇති බවයි රහස් පොලීසිය අධිකරණයට කියා සිටියේ. රහස් පොලීසියේ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් විදෙස්ගතවීම වැළැක්වීමේ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. ජයන්ත විසින් අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.
 
විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ සම්බන්ධයෙන් වන පැමිණිල්ල රහස් පොලීසියට ඉදිරිපත් කර ඇත්තේ දකුණු තලංගම ප්‍රදේශයේ පදිංචි චමින්ද පෙරේරා නැමැත්තෙක්. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ කරුණු සත්‍ය බවයි. අවිධිමත් ලෙස සැකසූ ගුවන් බලපත්‍රය මගින් සැකකාරිය අවස්ථා කිහිපයකදී විදෙස්ගතවී ඇති බව අනාවරණ වී තිබෙනවා. ජාතික හැදුනුම්පත් දෙකක් භාවිත කළ ඇය එමගින් බැංකු හා වෙනත් මූල්‍ය ආයතන සමග සැක කටයුතු ලෙස ගනුදෙනු කර ඇති බවයි විමර්ශනවලින් වැඩිදුරටත් හෙළි වී ඇත්තේ. 



Update: Tuesday, 24 February 2015 - 8:19 AM
........................................................
හිටපු ඇමති විමල්ගේ බිරිඳ ශෂී වීරවංශ රිමාන්ඩ්

ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගුවන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශෂී වීරවංශ පෙබරවාරි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කඩුවෙල මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ශෂී වීරවංශ රැදී සිටින මාළඹේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල වෙත අද (23) පස්වරුවේ පැමිණීමෙන් අනතුරුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය කළ විමර්ශන පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සැකකාරිය උපන් දින දෙකක් භාවිත කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පැවැති ලිපි ගොනු අතුරුදන්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.



Update: Monday, 23 February 2015 - 08:08 PM
..........................................................................

ශෂී වීරවංශට උපන් දින දෙකක්

ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගුවන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශෂී වීරවංශට විදෙස්ගතවීම අද (23) තහනම් කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත රහස් පොලීසිය කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

අදාළ ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කළේ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ අත්සනින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව බව හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා, ප්‍රකාශ කළ බවයි රහස් පොලීසිය අධිකරණයට කියා සිටියේ.

අවිධිමත් ලෙස සාදන ලද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ මේ වන විට මාළඹේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා. සැකකාරිය පොලීසිය මගහැර පළා යාමට සූදානම්ව ඇති බවයි රහස් පොලීසිය අධිකරණයට කියා සිටියේ. රහස් පොලීසියේ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් විදෙස්ගතවීම වැළැක්වීමේ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. ජයන්ත විසින් අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ඔහු කියා සිටියේ සැකකාරිය රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතු බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වාචිකව දැනුම් දුන් බවයි. ඇයව මාර්තු 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රහස් පොලීසිය ඉල්ලා සිටියා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ සැකකාරිය නැවත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර, රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට තරම් අසනීපයක් ඇද්ද යන්න ලිඛිත වාර්තාවක් ලබා දිය යුතු බවයි. එසේ අවශ්‍යතාවක් නැත්නම්, සැකකාරිය වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය කළ විමර්ශන පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනුරාධපුරයේදී අද මාධ්‍යවේදීන් වෙත පැහැදිලි කිරීමක් කළා. ඔහු කියා සිටියේ සැකකාරිය උපන් දින දෙකක් භාවිත කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පැවැති ලිපි ගොනු අතුරුදන්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.    

විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ සම්බන්ධයෙන් වන පැමිණිල්ල රහස් පොලීසියට ඉදිරිපත් කර ඇත්තේ දකුණු තලංගම ප්‍රදේශයේ පදිංචි චමින්ද පෙරේරා නැමැත්තෙක්. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ කරුණු සත්‍ය බවයි. අවිධිමත් ලෙස සැකසූ ගුවන් බලපත්‍රය මගින් සැකකාරිය අවස්ථා කිහිපයකදී විදෙස්ගතවී ඇති බව අනාවරණ වී තිබෙනවා. ජාතික හැදුනුම්පත් දෙකක් භාවිත කළ ඇය එමගින් බැංකු හා වෙනත් මූල්‍ය ආයතන සමග සැක කටයුතු ලෙස ගනුදෙනු කර ඇති බවයි විමර්ශනවලින් වැඩිදුරටත් හෙළි වී ඇත්තේ.


Update: Monday, 23 February 2015 - 07:19 PM
...............................................................................

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ ශෂී වීරවංශගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වෛද්‍ය වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසටයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා ශෂී වීරවංශ නේවාසිකව සිටින මාළඹේ පිහිටි පෞද්ගලික රෝහලට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.