මාලදිවයිනේ හිටපු ජනපති අපරාධ අධිකරණයට ඇදගෙන යයි

Monday, 23 February 2015 - 18:03

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්, අද (23) එරට අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. හිටපු ජනාධිපතිවරයා අධිකරණ භූමියට රැගෙන ඒමට ආරක්ෂක භටයන් විශාල පිරිසක් එක්වූ අතර තමාට තනිව අධිකරණය වෙත යා හැකි බව මොහොමඞ් නෂීඞ් ප්‍රකාශ කර තිබෙනවා. බලහත්කාරයෙන් රැගෙන යාම වැළැක්වීම සඳහා හිටපු ජනාධිපති නෂීඞ් බිම පෙරළී ඔහුගේ කමිසය ඉරා දමනු ලැබූව ද ආරක්ෂක භටයන් ඔහු ඔසවාගෙන අධිකරණය තුළට රැගෙන ගිය බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා. මීට වසර 3කට පෙර ජනාධිපති ධුරය හොබවන සමයේ අපරාධ අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා නීතිවිරෝධී ලෙස රදවා ගැනීමේ චෝදනාවයි මොහොමඞ් නෂීඞ්ට එල්ල වී ඇත්තේ.