Update: බස්නාහිර මහඇමතිවරයා ඉවත් කිරීමට ගම්පහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් 15කගේ විරෝධය

Monday, 23 February 2015 - 19:15

Update%3A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+15%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
බස්නාහිර පළාත් මහඇමති ධුරයෙන් ප්‍රසන්න රණතුංග ඉවත් කළහොත් ජනතාව සමඟ එක්ව ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් ප්‍රකාශ කළා. කැළණිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටි අතර, එම මාධ්‍ය හමුවට ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19න් 15කම ප්‍රධානීන් එක්ව සිටීම විශේෂත්වයක්.

අද උදෑසන හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අදහස් දක්වමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව තමා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ කැමැත්ත මේ වන විට ප්‍රධාන අමාත්‍යවරයාට නොමැති බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

කෙසේ වෙතත්, කැළණිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වූ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ප්‍රශ්න කළේ බස්නාහිර පළාත් මහඇමතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට සූදානම් වන්නේ කුමන හේතුවක් මත ද යන්නයි. මෙම මාධ්‍ය හමුවට දිවුලපිටිය, කැළණිය, වත්තල, මිනුවන්ගොඩ, දොම්පේ, බියගම, මීරිගම, මහර, අත්තනගල්ල, ගම්පහ ප්‍රාදේශීය සභාවල මෙන්ම වත්තල - මාබෝලේ, මිනුවන්ගොඩ, කටුනායක - සීදුව, ජාඇල, පෑලියගොඩ නගර සභා නියෝජනය කරමින් සභාපතිවරුන් එක්ව සිටියා.







මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම අනිවාර්යයි