Update : සූරියවැව පොලීසියේ සිදුවීමේ සාක්ෂිකරුවෙක් මරුට

Tuesday, 24 February 2015 - 8:15

Update+%3A+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පොලිස් භාරයේ සිටියදී පහරදී සැකකරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සූරියවැව පොලීසියේ නිලධාරීන් 6 දෙනා අද (24) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනවා. මිනීමැරුම් චෝදනා යටතේ මොවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මෙම පොලිස් නිලධාරීන් පසුගිය 19 වැනිදා සූරියවැව - විහාරගල වැව අසළ ප්‍රදේශයේදී 35 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇත්තේ නීතිවිරෝධී මත්පැන් පෙරීමේ චෝදනාවකටයි. එම අවස්ථාවේදී ඔහුට මෙම පොලිස් නිලධාරීන් පහර දුන් බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, පසුව මෙම පුද්ගලයා සූරියවැව පොලිසිය මගින් සූරියවැව රෝහලට ඇතුළත් කෙරුණු අතර අනතුරුව හම්බන්තොට මහරෝහල වෙත මාරු කර යැවුණේ ඔහුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන්.

කෙසේ නමුත්, බන්ධනාගාරය වෙත පැමිණි මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සිටියදී ඔහු පසුගිය 22 වන දා හම්බන්තොට රෝහලේදී ජීවිතක්ෂයට පත්වුණා. අනතුරුව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ පහරදීමක් හේතුවෙන් මෙම සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් පොලීසිය වෙත පැමිණිල්ලක් ද ගොනු කර තිබූ අතර, ඊට අදාළ සාක්ෂි විමසීම හම්බන්තොට සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරියේ ඊයේ සිදුකෙරුණා. සාක්ෂි ලබාදීම සඳහා සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් 4 දෙනෙකු පැමිණ සිටි අතර ඔවුන් අද අලූයම 3.30ට පමණ සාක්ෂි ලබාදී ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අනතුරකට ලක්වුණේ සූරියවැව - නබඩගස්වැව ප්‍රදේශයේදියි. එම ත්‍රීරෝද රථයේ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවූ අතර එහිදී එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

ඔවුන් මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන අතර ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් එක් පුද්ගලයෙකු අනතුර සිදුවන අවස්ථාවේදී විසි වී යාම නිසා දිවි බේරාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, අනතුර සිදුකළ වෑන් රථය පළා ගොස් තිබූ අතර එහි රියදුරා පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබුවේ කාර්මික දෝෂයකට ලක්වී වෑන් රථය මඟ නතර වී තිබීම හේතුවෙන්. අනතුරෙන් මිය ගොස් තිබුණේ ඒ.පී. ජයදාස නමැති පුද්ගලයෙක්. ඔහු පහරදීමේ සිද්ධිය ඇසින් දුටු අයෙක්.



මිය ගිය පුද්ගලයා
























































 ඡායාරූප - අජිත් පුෂ්පකුමාර


Update : Tuesday, 24 February 2015 - 11:30
--------------------------------------------------------
විහාරගල මරණය පොලිස් පහරදීමක් ද?  වාර්තාව අද

පොලිස් පහරදීමකින් මිය ගිය බවට චෝදනා එල්ල වන හම්බන්තොට  - විහාරගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ වාර්තාව අද (24) නිකුත් කෙරෙනවා. පසුගිය 19 වැනිදා සූරියවැව පොලිසියේ නිලධාරින් විහාරගල වැව අසල ප්‍රදේශයේදී, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහුට පහරදී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කෙසේ වෙතත්, පසුව මෙම පුද්ගලයා සූරියවැව පොලිසිය මගින් සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට යවා තිබෙනවා. පෙරේදා දිනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි හම්බන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දී එන අතරතුර ඥාතීන්  සහ අසල්වාසීන් පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් ඊයේ රාත්‍රියේ අනතුරට ලක්වීමෙන් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ දැනට විදේශ ගතව සිටින අතර පුත්‍රයා සහ මිත්තණිය සමඟ මෙම පුද්ගලයා ජීවත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ සිද්ධියේදී පොලිස් නිලධාරීන් යම් වරදක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නිසි පියවර ගනු ලබන බවයි.