අතුරුදන් වූ MH 370 ඇන්ටාක්ටිකාවේලු

Tuesday, 24 February 2015 - 10:59

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+MH+370+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%94
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ගමන් ගනිද්දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දක්ෂිණ ධ‍්‍රැවයේ පිහිටි ඇන්ටාටිකාව වෙත රැගෙන යාමට උත්සාහ කළ බවට නව මතයක් පළ වී තිබෙනවා. අතුරුදන් වූ ගුවන් යානයේ රේඩාර් දත්ත විශ්ලේෂණය කළ ගුවන් යානා විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ පසුව ද පැය කිහිපයක් ගමන් කර ඇති බවයි. අවසන් ඇමතුමේ සිට නියමුවා යානය හසුරුවා ඇති ආකාරය අනුව එය යොමු වී ඇත්තේ හිමෙන් වැසුණු ඇන්ටාටිකා මහද්වීපය වෙත බව විශේෂඥයන්ගේ මතයයි. ඒ අනුව නියමු කුටියේ සිටි කිසිවෙකු හිතාමතාම එම්.එච්. 370 යානය ඇන්ටාටිකාව වෙත රැගෙන යාමට උත්සාහ කළ බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. යානයේ සුන්බුන් සොයා දකුණු චීන මුහුදේ සහ ඉන්දීය සාගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් මෙතෙක් සාර්ථක ප්‍රතිඵලයක් අත්වී නැහැ.