ශ්‍රී.ල.නි.ප. පළාත් සභා මන්ත්‍රීවරුන් කොළඹට කැදවයි

Tuesday, 24 February 2015 - 13:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4.+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් කොළඹට කැදවා පවතින දේශපාලන තත්ත්වය දැනුවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම සහ වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් අද (24) දිනයේ පක්ෂ මූලස්ථානයට කැදවා ඇති බවයි නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඉදිරියේදී අනෙකුත් පළාත් සභාවල නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද කොළඹට කැදවන බව ඔහු සදහන් කළා. පවතින දේශපාලන තත්ත්වයට අමතරව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව ද මෙහිදී පළාත් සභා මන්ත්‍රීවරුන් දැනුවත් කරන බවයි නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා තවදුරටත් සදහන් කළේ.