Update: ශෂී වීරවංශ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග

Tuesday, 24 February 2015 - 13:58

Update%3A+%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ දැනට ප්‍රතිකාර ලබන මාලඹේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (24) නියෝග කර තිබෙනවා. ඒ, බන්ධනාගාර නිලධාරීන් සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේදී ලබාදෙන ලෙසත් ප්‍රධාන වෛද්‍ය නිලධාරීයාගේ පරීක්ෂාවකින් පසු වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් කොළඹ ජාතික රෝහලට රැගෙන යන ලෙසත් මෙහිදී නියෝග කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

ශෂී වීරවංශ පෙබරවාරි 25 දක්වා රිමාන්ඩ්