විමල්ගේ බිරිඳ හොර පාස්පෝර්ට් එකෙන් ගිය රටවල් ගාණ මෙන්න

Tuesday, 24 February 2015 - 16:38

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%AB+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධාන  වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා. ඒ, බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපත් කර තිබූ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ මෝසමක් මගින් ඉල්ලා සිටියා. දැනට බන්ධනාගාර නිලධාරීන් භාරයේ මාලඹේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ශෂී වීරවංශට බන්ධනාගාර රෝහල තුළ වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට හැකියාව ඇති බව පවසමිනුයි එය ඉදිරිපත් කර ඇත්තේ. ඒ අනුව මෝසම සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ බන්ධනාගාර ප්‍රධාන වෛද්‍යවරයාගේ අධීක්ෂණය මත සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

අවිධිමත් ලෙස සකසන ලද රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා ශෂී වීරවංශ අත්අඩංගුවට ගත්තා. අනතුරුව ඇය පරීක්ෂා කිරීම සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි පෞද්ගලික රෝහලට පැමිණි කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ශෂී වීරවංශ මෙම ගමන් බලපත්‍රය යොදාගනිමින් අවස්ථා 6 කදී විදෙස්ගතව ඇති බවයි.

පසුගියදා නුගේගොඩ පැවති රැළියෙන් පසු මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදුවන බවට එල්ලවන චෝදනාද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළා.