Update : ශෂී වීරවංශ බන්ධනාගාර රෝහලට

Wednesday, 25 February 2015 - 7:36

Update+%3A+%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ, ඇය ප්‍රතිකාර ලැබූ මාළඹේ පෞද්ගලික රෝහලේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මේ පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් ද හිරු ප්‍රවෘත්ති අංශයට තහවුරු කළා.  

ශෂී වීරවංශ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධාන  වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ නියෝග කළා. ඒ, බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපත් කර තිබූ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවයි. හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසයි බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම වූයේ.  

අවිධිමත් ලෙස සකසන ලද රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 22 වන දින ශෂී වීරවංශ අත්අඩංගුවට ගත්තා. අනතුරුව ඇය පරීක්ෂා කිරීම සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි පෞද්ගලික රෝහලට පැමිණි කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා. මෙම නඩුව අද යළි කැදවනු ඇති.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/KO8tLN