ජාතික ආණ්ඩුවක් ගැන ශ්‍රී.ලං.නි.ප.යේ තීන්දුව ළඟදීම - විපක්ෂ නායක

Wednesday, 25 February 2015 - 7:40

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD%E0%B6%82.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4.%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
ජාතික ආණ්ඩුවක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ළඟදීම ප්‍රකාශයට පත් කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. ඔස්සේ ඊයේ (24) රාත්‍රියේ විකාශය වූ ‘‘රට සහ හෙට’’ වැඩසටහනට එක්වෙමින්. විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ක්ෂණිකව මේ සඳහා යමක් කිව නොහැකි බවයි. ජාතික ආණ්ඩුවක අමාත්‍ය ධුර භාර ගත හොත් එමගින් පාක්ෂිකයා රැක ගැනීමට සිදුවේ ද යන්න පිළිබද මෙහිදී නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡා වෙමින් පවතින බව ද ඔහු සදහන් කළා. එමෙන්ම ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවයි විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ.