මහ මැතිවරණයට අලූත් ක්‍රමයක්

Wednesday, 25 February 2015 - 18:17

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මහමැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුත්තේ නව මැතිවරණ ක්‍රමය යටතේ බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. ඔස්සේ ඊයේ (24) රාත්‍රියේ විකාශය වූ ‘‘රට සහ හෙට’’ වැඩසටහනට එක්වෙමින්. මෙහිදී ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කෙරුණේ නව මැතිවරණ ක්‍රමය පිළිබද අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් මහ මැතිවරණය කල් දමනවා ද යන්න පිළිබදවයි. එසේ සිදුවිය යුතු බව ප්‍රකාශ කළ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහ මැතිවරණය පවත්වන දිනය පිළිබඳ තීරණය ජනාධිපතිවරයා විසින් ගත යුතු බව සඳහන් කළා. එසේම ඔහු අවධාරණය කළේ තමා ජනාධිපතිවරයා වූයේ නම් නියත වශයෙන්ම මහ මැතිවරණය කල් දමන බවයි.