පවුලක ආදායම රුපියල් 3658 කින් ඉහළට

Wednesday, 25 February 2015 - 18:25

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+3658+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
නව රජය දින 100 වැඩපිළිවෙල යටතේ ඉදිරිපත් කළ අතුරු අයවැය හේතුවෙන් පවුලක ආදායම රුපියල් 3658 කින් ඉහළ ගොස් ඇති බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ඉහළ ගිය රාජ්‍ය සේවකයන්ගේ වැටුප සහ ඉහළ ගිය විශ්‍රාම වැටුප අද දිනයේ ඔවුන්ට ලැබීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළා.