පිළියන්දල සිද්ධියේ ගුරුවරයා හිරේට.විදුහල්පතිනියට මාරුවක්

Wednesday, 25 February 2015 - 18:30

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7.%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තුන්වන ශ්‍රේණියේ දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල - සෝමවීර චන්ද්‍රසිරි ප්‍රාථමික විද්‍යාලයේ පරිගණක ගුරුවරයා මාර්තු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, කැස්බෑව මහේස්ත්‍රාත්වරයා අද පිළියන්දල රෝහලට පැමිණ ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මේ අතර එම විද්‍යාලයේ විදුහල්පතිනිය තාවකාලිකව පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මාරුකර යවා තිබෙනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා උපුලි ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා ලබාදුන් උපදෙස් මත විදුහල්පතිනියට මෙම ස්ථාන මාරුව ලබාදුන් බවයි.

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ප්‍රාථමික විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 8 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් 50 හැවිරිදි අදාළ පරිගණක ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධිය වාර්තාවුණේ ඊයේ දිනයේදියි. පාසලේ පරිගණක කාමරය තුළදී මෙය සිදුවූ බවට දෙමව්පියන් සහ ආදි සිසුන් චෝදනා කළ අතර ඔවුන් ඊයේ විදුහලට පැමිණ ගුරුවරයාට සිය විරෝධයද පළ කර පහරදීමක්ද සිදුකර තිබුණා. පසුව පොලීසිය එම ගුරුවරයාව අත්අඩංගුවට ගෙන ඇතුළත් කෙරුණේ පිළියන්දල රෝහලටයි.

මේ අතර අද (25) දිනයේද දෙමව්පියන් පිරිසක් විදුහල ඉදිරිපිට විරෝධතාවකද නිරතවුණේ මෙම සිද්ධියට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනියගේ පරිපාලන දුර්වලතා බලපා ඇති බව පවසමින්.