ජනාධිපති විමර්ශන ඒකකය විසුරුවා හැරේ

Wednesday, 25 February 2015 - 19:41

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
ජනාධිපති ලේකම්වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ ජනාධිපති විමර්ශන ඒකකය විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා. ආයතන හා මෙහෙයුම් භාර ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා, පොලිස්පතිවරයා වෙත මේ බව දැනුම්දී ඇත්තේ ලිපියක් මගින්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ පාලන සමයේ රජයේ ඉහළ නිළධාරීන්ගේ දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ජනාධිපති විමර්ශන ඒකකය පත් කරනු ලැබුවා. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් වෙත යොමුකර ඇති ලිපියෙන් දැනුම්දී ඇත්තේ මෙම ඒකකය මගින් සිදුකළ විමර්ශන කටයුතු දැනට අවසන් කර ඇති බවයි. එබැවින් එම ඒකකයට අනුයුක්තව සිටි විමර්ශන නිලධාරීන් අදාළ සේවාස්ථානවලට මුදාහැරිය යුතු බවත් ඔවුන් භාරයේ පවත්නා විශේෂ විමර්ශන ලිපි ගොනු පොලිස් භාරයට ගන්නා ලෙසත් අදාළ ලිපියෙන් පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.