අන්තරේ පා ගමනින් කොළඹට

Wednesday, 25 February 2015 - 19:47

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
පාසල් තුළ මුදල් එකතු කිරීමට බලය ලබාදෙමින් නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (25) දහවල් විරෝධතා පාගමනක නිරත වුණා. නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල, මරදාන මංසන්ධි පසුකරමින් අද පස්වරුවේ කොළඹ - කොටුව දුම්රියපොළ ඉදිරිපිටට ළඟා වුණා. මේ හේතුවෙන් එම මාර්ගවල පැවතියේ දැඩි රථවාහන තදබදයක්. පාගමනට විවෘත විශ්වවිද්‍යාලය ඇතුළු දිවයිනේ සියලූම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සිසුන් එක්ව සිටියා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික කියා සිටියේ අධ්‍යාපනය මුදලට විකිණීම, පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිගැනීම, මර්දන නීති අණපනත් ගෙන ඒම, විවෘත විශ්වවිද්‍යාලයේ ගාස්තු අඩු නොකිරීම ආදී ඉල්ලීම්වලට බලධාරීන් කඩිනමින් විසඳුම් ලබාදිය යුතු බවයි.