විදුහල්පතිවරුන්ට එරෙහිව විමර්ශන

Wednesday, 25 February 2015 - 19:54

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
පාසල් තුළ අවිධිමත් ලෙස මුදල් අයකිරීම තහනම් කරමින් නිකුත් කළ චක්‍රලේඛය උල්ලංඝනය කළ පාසල් 10 ක විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විනයානුකූල පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ජනවාරි 29 වැනිදා සියලූ විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කළේ සිසුන්ගෙන් අයථා ලෙස මුදල් අයකිරීම වැළැක්වීමේ අරමුණින්.

එහෙත් එම නියෝගය උල්ලංඝනය කළ පාසල් රැසක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. දැනට සිදුකළ විමර්ශනවලට අනුව පාසල් 10 ක පමණ අවිධිමත් ලෙස මුදල් රැස් කර ඇති බව සනාථ වී තිබෙනවා. ඒ අනුව ඊට මුල්වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව සඳහන්. ඒ අනුව කොළඹ ඉසිපතන විද්‍යාලය, ඞී.එස්. සේනානායක විද්‍යාලය, ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලය, සංඝමිත්තා බාලිකා විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය සහ නුගේගොඩ අනුලා විද්‍යාලය යන පාසල්වලට අදාළව මෙම විමර්ශන සිදු කෙරෙනවා. එසේම මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, උද්දීන් ජාතික පාසල මෙන්ම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය සහ කිරිබත්ගොඩ විහාරමහා දේවී විද්‍යාලය සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.