ෆොන්සේකා මන්ත්‍රී ධූරය නැවත ඉල්ලයි

Thursday, 26 February 2015 - 7:43

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. තමන් වෙනුවෙන් පත් කළ ජයන්ත කැටගොඩ ඉවත් කර එම තනතුර යළි ලබාදෙන ලෙස ඉල්ලමිනුයි අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ. එහි වගඋත්තකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.

2011 වසරේදී සරත් ෆොන්සේකාට හිමිවූ සිර දඬුවම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වුණා. ඒ වෙනුවෙන් ජයන්ත කැටගොඩ පත් කිරීමටයි මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනු ලැබුවේ.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා ලබාදුන් පූර්ණ සමාවට අනුව සරත් ෆොන්සේකාට ඡන්ද අයිතිය ලබාදීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කළා. ඔහුට අහිමිව තිබූ ඡන්ද අයිතිය, යුද හමුදාවේ ඔහුට හිමිව තිබූ පදක්කම්, තනතුරු සහ අනෙකුත් සියලූ වරප්‍රසාද පසුගිය කාලසීමාවේදී හිමිවුණා.  

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකාට සිය මන්ත්‍රී ධුරය ලබාදීම සඳහා තමා කැමති බව ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි 18 වන දා ප්‍රකාශ කළා.