ඡන්දයකට යා යුත්තේ දුන් පොරොන්දු ඉටු කිරීමෙන් පසුවයි - ඇමති රාජිත

Thursday, 26 February 2015 - 19:37

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD
ඡන්දයකට යා යුත්තේ ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කිරීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එළඹෙන මාර්තු මාසයේදී ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මේ අතර, පසුගිය අතුරු අයවැයෙන් සමෘද්ධි සහනාධාරය, උපරිමය සියයට 200 දක්වා ඉහළ දැමීමට කළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. එය ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.

එමෙන්ම, පසුගිය ජනාධිපතිවරණයට පෙර සහ පසු සිදුවූ මැතිවරණ පැමිණිලි විභාග කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. නීතිය, පරිපාලනය, මූල්‍ය සහ විමර්ශන යන විෂය ක්ෂේත්‍රවල ප්‍රවීනයින්ගෙන් සමන්විත එම කමිටුව, දින 60 ක් තුළ වාර්තාවක් සකස් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයි.

ඊට අමතරව, ලබන වසර සඳහා පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතු රාජ්‍ය ආයතන වන එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට ද අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර තිබෙනවා.