Update : A/L වලට O/L ගණිතය අනිවාර්ය නෑ

Thursday, 26 February 2015 - 22:09

Update+%3A+A%2FL+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+O%2FL+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නම්  අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අනිවාර්යයෙන්ම සමත් විය යුතු බවට තමා ගෙන ආ නීතිය යළිත් මීට පෙර තිබූ ක්‍රමවේදයට ගෙන ඒමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. පසුගිය රජය මෙම විභාගය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර, සිසුන් පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් තමන්ද එම ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය ජනවාරි 26 වැනිදා අපොස උසස් පෙළ හැදැරීම සඳහා ගණිතය විෂය සමත්වීම මින් ඉදිරියට අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළ අතර, ඒ අනුව පසුගිය රජයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛය මේ අනුව අහෝසි වුණා. සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් සිසුන්ට උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදුකෙරෙන වසර දෙක ඇතුළත එම විෂය සමත්වීමට ඉකුත් රජය යටතේ අවස්ථා දෙකක් ලබාදී තිබුණා.


මැතිවරණයේ නිහඩ කාලසීමාව තුළ කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්
Tuesday, 04 August 2020 - 10:36

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුළ දී මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි,... Read More

අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 10:19

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More